Wednesday, January 8, 2020

නොදන්නා දේ..


      චානු

කලකට පසු


අදහසක්


නව මාධ්‍ය අවශ්‍යතාව

පුද්ගලයන් අතර ශාරීරික සබඳතා අන්තර් පුද්ගල සන්නිවේදනයේ දී අත්‍යාවශ්‍ය වෙයි. එය අන්තර් ක්‍රියාව හා අභ්‍යන්තර  විශ්වාසය සමග සම්බන්ධව ගොඩ නැගෙන්නකි. සමාජීය ජාල භාවිතයේ දී  පුද්ගලාන්තර සන්නිවේදනයේ ලක්ෂණ විද්‍යාමාන වේ. සමාජීය ජාල භාවිතය පවුල කේන්ද්‍ර කරගත් පුද්ගලාන්තර සන්නිවේදනය අවශ්‍යතා සමග සසඳා බැලීම මෙම නව මාධ්‍යයේ මූලික ස්වරූපය අවබෝධ කර ගැනීමේදී වැදගත් වේ. සමාජීය ජාල මගින් පවුල තුළම පුද්ගලයා හුදකලා කර තිබේ.පවුලේ අන්තර් සබදතා දුරස්ථ කෙරේ.

කාලය පිළිබද විශ්ව නිර්ණායක වෙනස් වීමට භාජනය වී තිබේ. ඒක මාර්ගික සන්නිවේදනය අන්තර් ක්‍රියාකාරීත්වය සහ සහභාගීත්ව සන්නිවේදනය දක්වා පුලුල් වී තිබේ. මෙහි පැහැදිලිවම හදුනා ගත හැකි සධකයක් වන්නේ පැරණි සනනිවේදන රටාවට වඩා සක්‍රීය ලෙස ප්‍රජාව නව මාධ්‍ය ඔස්සේ ගොඩ නැගුණු සමාජ ජාල මාධ්‍ය පරිහරණයට යොමු වී ඇති බවය. සමාජීය ජාල තුළ ශ්‍රව්‍ය,  ලිඛිත මාධ්‍ය වෙන් වෙන්ව පරිහරණයට තිබේ. පවුලේ අන්තර් සබඳතා දුරස්ථ කෙරේ.

කාලය පිළිබද විශ්ව නිර්ණායක වෙනස් වීමට භාජනය වී තිබේ. ඒක මාර්ගික සන්නිවේදනය අන්තර් ක්‍රියාකාරීත්වය සහ සහභාගීත්ව සන්නිවේදනය දක්වා පුලුල් වී තිබේ. මෙහි පැහැදිලිවම හදුනා ගත හැකි සාධකයක් වන්නේ පැරණි සන්නිවේදන රටාවට වඩා සක්‍රීය ලෙස ප්‍රජාව නව මාධ්‍ය ඔස්සේ ගොඩ නැගුණු සමාජ ජාල මාධ්‍ය පරිහරණයට යොමු වී ඇති බවයි. සමාජීය ජාල තුළ ශ්‍රව්‍ය ලිඛිත මාධ්‍ය වෙන් වෙන්ව පරිහරණයට ගැනීමක් නොව ඒකාබද්ධ භාවිතයක් හදුනා ගත හැකිය. පරිගණක සංඛ්‍යාත භාවිතය පුලුල් වීම සදහා ද සමාජීය ජාල උපකාරී වී තිබේ. මෙම ජාල භාවිතය නිසාම නව මාධ්‍ය හැකියා වර්ධනය වී තිබේ.

ශාමි මධුශානි
                                            

New media

විල්බර් ශ්‍රාම්ට අනුව නම් පුද්ගලයින් දෙපිරිසක් අතර ඇතිවන අදහස් හුවමාරු කොට ගැනීමක් සන්නිවේදනය ලෙස පෙන්වා දීමට හැකි ය. සන්නිවේදනය යන විෂය ක්ශේත්‍රය ජන මාද්‍ය යන්නට පොදූ වූවක් නොවේ. එය සමාජය තුළ සෑම ස්ථානයක් පුරාම පැතිර යන්නකි.සන්නිවේදනය සදහා මුද්‍රිත විද්‍යුත් මාද්‍ය වලට සාපේක්ෂව සමාජය තුළ වැඩි වශයෙන් වර්ධනය වන මාද්‍යක් ලෙස නව මාද්‍ය හදුන්වා දිය හැකි ය. නව මාද්‍ය ඉතා විශාල විෂය පථයක් ලෙස හිමිකර ගත්තකී.ගෝලීයකරණයත් සමග එය ඉදිරියට පැමිණ තිබේ. නව මාද්‍ය පැරණි මාද්‍ය ඉක්මවා ගමන් කරන ප්‍රබල මාද්‍යක් බවට පත්ව තිබේ. නවීන ලෝකය තුළ දුර පිළිබඳව පවතින සබඳතාව පවත්වා ගැනීම අතිශය සරල වී ඇත.ගෝලීය පරිමාණයෙන් සන්නිවේදනක් පවත්වා ගැනීම පහසූ වී ඇත. එක් අන්තයක් තවත් අන්තයක් හා යා කරමින් ක්ෂණික ලෙස ඇති කරනු ලබන මෙම සබඳතාවය අනෙකුත් මාද්‍ය අභිබවා ගමන්කර තිබේ. නව මාද්‍ය ප්‍රභේදයන් ලෙස web site,whatapp,Face book,imo,twitter,blogs, යනාදිය පෙන්වා දීමට හැකි ය.නව මාද්‍ය ගත් කල්හී එය ඉතා කාර්යක්ෂම මාද්‍ය ක්‍රියාවලියක් ලෙස පෙන්වා දීමට හැකි ය. මේ තුළින් ඉතා ඉක්මනින් තොරතුරු සන්නිවේදනය කිරීමය හැකි වේ. තොරතුරු සත්‍ය වීමට ද, අසත්‍ය වීමට ද ඉඩ ඇත. අද්‍යතනය වන විට නව මාද්‍ය පරිහරණය කරන ප්‍රමාණය ක්‍රමයෙක් වැඩි වී ඇත. අනෙකුත් මාද්‍යන්ට සාපේක්ෂව මෙය පරිහරණය කරන ප්‍රමාණය ඉතා ඉහළ ය. පරිහරණය සදහා වයස් සීමාවක් නැතී වූව ද සමහරෙක් මෙය අහිතකර ක්‍රියාවලීන් සදහා යොදාගනූ ලබයී. මෙම සමාජ මාද්‍ය භාවිතා කිරීමේ හිතකර පැතිකඩ මෙන්ම අහිතකර පැතිකඩ ද දක්නට ඇත


(චානු)

සුන්දර නයගරා




නයගරා සොබාදහමේ තවත් එක් අපූර්වතම නිර්මාණයකි.උස අඩි 180 කින් සහ දිග අඩි 2200 කිනුත් යුක්ත නයගරා දිය ඇල්ල ඇමෙරිකාවටත්, කැනඩාවටත් අයත්ය.කැනඩාව හා ඇමෙරිකා එක්සත් ජනපදය වෙන්කරමින් නයගරා දියඇල්ල කඩා හැළෙයි.කැනඩවේ ඔන්ටේරියෝ නගරය  හා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරය ද නයගරා ඇල්ලෙන් දේශසීමා වෙන්කරගනී.                                                           

නයගරා දිය ඇල්ල කොටස් දෙකකින් යුක්ත වේ.ඇමෙරිකානු නැගෙනහිර කොටසේ "ගෝට් අයිලන්ඩ් " ද,බටහිර කොටසේ අශ්ව ලාඩමක හැඩය ගත් කැනේඩියානු "ශූ හෝස්" කොටස ද පිහිටා ඇත. ඊරි විලේ ජලය කිලෝමීටර් තිස්පහක් දුර ගෙවා පැමිණ  නයගරාව නිර්මාණය කරයි.මෙයින් ගලායන ජලයෙන් ඔන්ටේරියෝ විල පෝෂණය වේ.

දිසා

ටයිටැනික්

ටයිටැනික් නෞකාවේ  ගමන්ගත් මගියෙකු වූ ඇමෙරිකානු ව්‍යාපාරික ඔස්කාර් හොල්වර්සන් විසින් ලියන ලද ලියුම ඇමෙරිකානු  ඩොලර් එක්ලක්ෂ හැටහය දහසකට අලෙවි විය.

                                                             උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නගරයේ දී ඉදිකෙරුණු  ටයිටැනික් නෞකාව 1912දී සිය මංගල චාරිකාව ආරම්භ කළේ එංගලන්තයේ සවුතැම්ටන් වරායෙනි.ඇ⁣මෙරිකාවේ නිව්යෝර්ක් බලා යාත්‍රා කරමින් තිබු නෞකාව හිම කුට්ටියක ගැටී අනතුරට පත්වූයේ උතුරු අත්ලාන්තික් සාගරයේදීය. 

 ඔස්කාර් හොල්වර්සන් සහ ඔහුගේ බිරිඳ වූ මේරි ටයිටැනික් නෞකාවේ මගියන් වුයේ සවුතැම්ටන් සිට නිව්යෝර්ක් බලා යන ගමනේදී ය.එහිදි ඔහු විසින්  සිය මවට ලියන ලද ලිපිය  අත්ලාන්තික් සයුරට ගොස් බේරුණු ටයිටැනික් ශීර්ෂය සහිත සටහන් පොතක ලියන ලද එකම ලියුම වේ.                     

  මෙම ලිපිය තුළ ඔස්කාර් නෞකාව ,වටපිටාව  සහ එහි ගමන්ගත් ඇතැම් පුද්ගලයන් පිළිබඳ සටහන් ද මෙහි අන්තර්ගතය.එහෙත් ඔහු සිය අනාගතය පිළිබඳව පැවසූ කරුණු කිසිදා සැබෑවක් නොවීය.ඒ "හැමදේම හොඳින් සිදුවුනොත් බදාදා උදේ වෙනකොට අපි නිව්යෝර්ක් වෙත ළඟාවේවි." යනුවෙනි .                                       
                 මගීන් එක්දහස් පන්සියයකට අධික පිරිසක් සමඟ මුහුදුබත් වූ ටයිටැනික් නෞකාව තුළ සිටි හොල්වර්සන් මුහුදට බිළි වුවද,ඔහුගේ බිරිඳ මේරි  දිවි බේරාගැනීමට සමත්විය .  පසුව ඇයගේ ස්වාමියාගේ මෘතදේහය සොයාගත් අතර ,ඔහුගේ සාක්කුවක තිබු සටහන් පොතක තිබී මෙම ලිපිය හමුවිය .අවසානයේ දී සිය පුතුගේ ලියුම  මව වෙත ලැබීමට සැලැස්වීය.


        දිසා