Wednesday, January 8, 2020

නොදන්නා දේ..


      චානු

කලකට පසු


අදහසක්


නව මාධ්‍ය අවශ්‍යතාව

පුද්ගලයන් අතර ශාරීරික සබඳතා අන්තර් පුද්ගල සන්නිවේදනයේ දී අත්‍යාවශ්‍ය වෙයි. එය අන්තර් ක්‍රියාව හා අභ්‍යන්තර  විශ්වාසය සමග සම්බන්ධව ගොඩ නැගෙන්නකි. සමාජීය ජාල භාවිතයේ දී  පුද්ගලාන්තර සන්නිවේදනයේ ලක්ෂණ විද්‍යාමාන වේ. සමාජීය ජාල භාවිතය පවුල කේන්ද්‍ර කරගත් පුද්ගලාන්තර සන්නිවේදනය අවශ්‍යතා සමග සසඳා බැලීම මෙම නව මාධ්‍යයේ මූලික ස්වරූපය අවබෝධ කර ගැනීමේදී වැදගත් වේ. සමාජීය ජාල මගින් පවුල තුළම පුද්ගලයා හුදකලා කර තිබේ.පවුලේ අන්තර් සබදතා දුරස්ථ කෙරේ.

කාලය පිළිබද විශ්ව නිර්ණායක වෙනස් වීමට භාජනය වී තිබේ. ඒක මාර්ගික සන්නිවේදනය අන්තර් ක්‍රියාකාරීත්වය සහ සහභාගීත්ව සන්නිවේදනය දක්වා පුලුල් වී තිබේ. මෙහි පැහැදිලිවම හදුනා ගත හැකි සධකයක් වන්නේ පැරණි සනනිවේදන රටාවට වඩා සක්‍රීය ලෙස ප්‍රජාව නව මාධ්‍ය ඔස්සේ ගොඩ නැගුණු සමාජ ජාල මාධ්‍ය පරිහරණයට යොමු වී ඇති බවය. සමාජීය ජාල තුළ ශ්‍රව්‍ය,  ලිඛිත මාධ්‍ය වෙන් වෙන්ව පරිහරණයට තිබේ. පවුලේ අන්තර් සබඳතා දුරස්ථ කෙරේ.

කාලය පිළිබද විශ්ව නිර්ණායක වෙනස් වීමට භාජනය වී තිබේ. ඒක මාර්ගික සන්නිවේදනය අන්තර් ක්‍රියාකාරීත්වය සහ සහභාගීත්ව සන්නිවේදනය දක්වා පුලුල් වී තිබේ. මෙහි පැහැදිලිවම හදුනා ගත හැකි සාධකයක් වන්නේ පැරණි සන්නිවේදන රටාවට වඩා සක්‍රීය ලෙස ප්‍රජාව නව මාධ්‍ය ඔස්සේ ගොඩ නැගුණු සමාජ ජාල මාධ්‍ය පරිහරණයට යොමු වී ඇති බවයි. සමාජීය ජාල තුළ ශ්‍රව්‍ය ලිඛිත මාධ්‍ය වෙන් වෙන්ව පරිහරණයට ගැනීමක් නොව ඒකාබද්ධ භාවිතයක් හදුනා ගත හැකිය. පරිගණක සංඛ්‍යාත භාවිතය පුලුල් වීම සදහා ද සමාජීය ජාල උපකාරී වී තිබේ. මෙම ජාල භාවිතය නිසාම නව මාධ්‍ය හැකියා වර්ධනය වී තිබේ.

ශාමි මධුශානි
                                            

New media

විල්බර් ශ්‍රාම්ට අනුව නම් පුද්ගලයින් දෙපිරිසක් අතර ඇතිවන අදහස් හුවමාරු කොට ගැනීමක් සන්නිවේදනය ලෙස පෙන්වා දීමට හැකි ය. සන්නිවේදනය යන විෂය ක්ශේත්‍රය ජන මාද්‍ය යන්නට පොදූ වූවක් නොවේ. එය සමාජය තුළ සෑම ස්ථානයක් පුරාම පැතිර යන්නකි.සන්නිවේදනය සදහා මුද්‍රිත විද්‍යුත් මාද්‍ය වලට සාපේක්ෂව සමාජය තුළ වැඩි වශයෙන් වර්ධනය වන මාද්‍යක් ලෙස නව මාද්‍ය හදුන්වා දිය හැකි ය. නව මාද්‍ය ඉතා විශාල විෂය පථයක් ලෙස හිමිකර ගත්තකී.ගෝලීයකරණයත් සමග එය ඉදිරියට පැමිණ තිබේ. නව මාද්‍ය පැරණි මාද්‍ය ඉක්මවා ගමන් කරන ප්‍රබල මාද්‍යක් බවට පත්ව තිබේ. නවීන ලෝකය තුළ දුර පිළිබඳව පවතින සබඳතාව පවත්වා ගැනීම අතිශය සරල වී ඇත.ගෝලීය පරිමාණයෙන් සන්නිවේදනක් පවත්වා ගැනීම පහසූ වී ඇත. එක් අන්තයක් තවත් අන්තයක් හා යා කරමින් ක්ෂණික ලෙස ඇති කරනු ලබන මෙම සබඳතාවය අනෙකුත් මාද්‍ය අභිබවා ගමන්කර තිබේ. නව මාද්‍ය ප්‍රභේදයන් ලෙස web site,whatapp,Face book,imo,twitter,blogs, යනාදිය පෙන්වා දීමට හැකි ය.නව මාද්‍ය ගත් කල්හී එය ඉතා කාර්යක්ෂම මාද්‍ය ක්‍රියාවලියක් ලෙස පෙන්වා දීමට හැකි ය. මේ තුළින් ඉතා ඉක්මනින් තොරතුරු සන්නිවේදනය කිරීමය හැකි වේ. තොරතුරු සත්‍ය වීමට ද, අසත්‍ය වීමට ද ඉඩ ඇත. අද්‍යතනය වන විට නව මාද්‍ය පරිහරණය කරන ප්‍රමාණය ක්‍රමයෙක් වැඩි වී ඇත. අනෙකුත් මාද්‍යන්ට සාපේක්ෂව මෙය පරිහරණය කරන ප්‍රමාණය ඉතා ඉහළ ය. පරිහරණය සදහා වයස් සීමාවක් නැතී වූව ද සමහරෙක් මෙය අහිතකර ක්‍රියාවලීන් සදහා යොදාගනූ ලබයී. මෙම සමාජ මාද්‍ය භාවිතා කිරීමේ හිතකර පැතිකඩ මෙන්ම අහිතකර පැතිකඩ ද දක්නට ඇත


(චානු)

සුන්දර නයගරා




නයගරා සොබාදහමේ තවත් එක් අපූර්වතම නිර්මාණයකි.උස අඩි 180 කින් සහ දිග අඩි 2200 කිනුත් යුක්ත නයගරා දිය ඇල්ල ඇමෙරිකාවටත්, කැනඩාවටත් අයත්ය.කැනඩාව හා ඇමෙරිකා එක්සත් ජනපදය වෙන්කරමින් නයගරා දියඇල්ල කඩා හැළෙයි.කැනඩවේ ඔන්ටේරියෝ නගරය  හා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරය ද නයගරා ඇල්ලෙන් දේශසීමා වෙන්කරගනී.                                                           

නයගරා දිය ඇල්ල කොටස් දෙකකින් යුක්ත වේ.ඇමෙරිකානු නැගෙනහිර කොටසේ "ගෝට් අයිලන්ඩ් " ද,බටහිර කොටසේ අශ්ව ලාඩමක හැඩය ගත් කැනේඩියානු "ශූ හෝස්" කොටස ද පිහිටා ඇත. ඊරි විලේ ජලය කිලෝමීටර් තිස්පහක් දුර ගෙවා පැමිණ  නයගරාව නිර්මාණය කරයි.මෙයින් ගලායන ජලයෙන් ඔන්ටේරියෝ විල පෝෂණය වේ.

දිසා

ටයිටැනික්

ටයිටැනික් නෞකාවේ  ගමන්ගත් මගියෙකු වූ ඇමෙරිකානු ව්‍යාපාරික ඔස්කාර් හොල්වර්සන් විසින් ලියන ලද ලියුම ඇමෙරිකානු  ඩොලර් එක්ලක්ෂ හැටහය දහසකට අලෙවි විය.

                                                             උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නගරයේ දී ඉදිකෙරුණු  ටයිටැනික් නෞකාව 1912දී සිය මංගල චාරිකාව ආරම්භ කළේ එංගලන්තයේ සවුතැම්ටන් වරායෙනි.ඇ⁣මෙරිකාවේ නිව්යෝර්ක් බලා යාත්‍රා කරමින් තිබු නෞකාව හිම කුට්ටියක ගැටී අනතුරට පත්වූයේ උතුරු අත්ලාන්තික් සාගරයේදීය. 

 ඔස්කාර් හොල්වර්සන් සහ ඔහුගේ බිරිඳ වූ මේරි ටයිටැනික් නෞකාවේ මගියන් වුයේ සවුතැම්ටන් සිට නිව්යෝර්ක් බලා යන ගමනේදී ය.එහිදි ඔහු විසින්  සිය මවට ලියන ලද ලිපිය  අත්ලාන්තික් සයුරට ගොස් බේරුණු ටයිටැනික් ශීර්ෂය සහිත සටහන් පොතක ලියන ලද එකම ලියුම වේ.                     

  මෙම ලිපිය තුළ ඔස්කාර් නෞකාව ,වටපිටාව  සහ එහි ගමන්ගත් ඇතැම් පුද්ගලයන් පිළිබඳ සටහන් ද මෙහි අන්තර්ගතය.එහෙත් ඔහු සිය අනාගතය පිළිබඳව පැවසූ කරුණු කිසිදා සැබෑවක් නොවීය.ඒ "හැමදේම හොඳින් සිදුවුනොත් බදාදා උදේ වෙනකොට අපි නිව්යෝර්ක් වෙත ළඟාවේවි." යනුවෙනි .                                       
                 මගීන් එක්දහස් පන්සියයකට අධික පිරිසක් සමඟ මුහුදුබත් වූ ටයිටැනික් නෞකාව තුළ සිටි හොල්වර්සන් මුහුදට බිළි වුවද,ඔහුගේ බිරිඳ මේරි  දිවි බේරාගැනීමට සමත්විය .  පසුව ඇයගේ ස්වාමියාගේ මෘතදේහය සොයාගත් අතර ,ඔහුගේ සාක්කුවක තිබු සටහන් පොතක තිබී මෙම ලිපිය හමුවිය .අවසානයේ දී සිය පුතුගේ ලියුම  මව වෙත ලැබීමට සැලැස්වීය.


        දිසා

මරද මඩු මෑණියන්


උතුරේ හා දකුණේ සාමයේ සංකේතයයි. සිංහල,මුස්ලිම්,බෞද්ධ,කතෝලික සියලු දෙනාම මඩු මාතාවගේ සෙනෙහස ලබන්නේ එකටය. මඩු වන්දනාව සර්ව අාගමික වන්දනාවකි.

2001 වසරේ රටට තිර සාමය උදා වන්නැයි කියා මඩු පිළිරුව දකුණු පළාතට වැඩමවීය. මඩු වන්දනාවට පෙර ජනයා සිරිත් විරිත් බොහොමයක් ඉටු කරයි. ඒ අතර තම දේවස්ථානයට ගොස් භාර වී ඉටි පහන් දල්වා අමනාපකම් නැති කර ගනිමින් වන්දනාවට සූදානම් වෙයි. මඩු වන්දනාවේ ප්‍රබල යෙදුම ජප මාලයයි.. මේ වන්දනා ගමන දේව ජනතාවට විපුලඵල ලබා දෙන ධර්ම විවේකී සමයකි.මෙහිදී මරියෝත්තමාවන්ගේ යැදුම් පිහිට හා මධ්‍යස්ථය ඉතා ප්‍රබල ලෙස වන්දනාකරුවෝ දකී.. 
මෙහි වන්දනා සමය පටන් ගන්නේ මරියෝත්තමාවන්ගේ ස්වර්ගරෝපිත හෙවත් අහස් නැඟීමේ මංගල්‍ය මුල් කඒ ගනිමිනි..


දිනූ

පනත

සාක්ෂිකරුවන් හා වින්දිතයන් අාරක්ෂා කිරීමේ පනත


අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් අාරක්ෂා කිරීමට විධිමත් නීතිමය වැඩ පිළිවෙලක් හදුන්වා දීම මඟින් අපරාධ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සවිබල ගැන්වීමට 2015  අංක 04 දරණ අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් අාරක්ෂා කිරීමේ පනත යටතේ සාක්ෂිකරුවන් අාරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය පිහිටුවා තිබේ...

මෙහි බලතල හා කාර්යභාරය ලෙස 


  • බලාත්මක කිරීමේ කාර්යයභාරය - අපරාධය වින්දිතයන්ගේහා  සාක්ෂිකරුවන්ගේ හිමිකම් හා අයිතිවාසිකම් හඳුනා ගැනීම,ප්‍රවඒ්ධනය කිරීම , අාරක්ෂා කිරීම හා දැනුවත් කිරීම.

  • අර්ධ අධිකරණ කාර්යභාරය-  ඔවුන්ගේ හිමිකම් හා අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව පැමිණිලි විමර්ශනය කිරීමඅාරක්ෂා කිරීම,රාජ්‍ය අායතන වලට,නිලධාරින්ට,අධිකරණයට නිර්දේශ ඉදිරිපත් කිරීම.

  • ක්රියාත්මක කිරීමේ කාර්යභාරය-  අපරාධයක වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට අාරක්ෂාව සැපයීම.

  • නියාමන කාර්යභාරය-  නියමු උපදේශන නිකුත් කිරීම හා අධීක්ෂණය.

  • අපරාධයක වින්දිතකරුවන්ට හෝ සාක්ෂිකරුවන්ට පනත යටතේ අාරක්ෂාව ලබා ගත හැකි අායතන..
  • අපරාධයක වින්දිතකරුවන් හා සාක්ෂිකරුවන් අාරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය.
  • අධිකරණ,
  • කොමිසම් - මානව හිමිකම්,පරීක්ෂණ කොමිෂන් සභා. 
  • ප්‍රදෙිශයේ පොලිස් ස්ථානාධිපතිවරයා.

             මේ ලෙස පනත ක්රියාත්මක කරයි. 


සචින් k

විශාලතම කොරල් පරයට ජීවය දීම

ශ්‍රි ලංකාවේ විශාලතම කොරල් පරයට ජීවය ලබා දීම..


ශ්‍රි ලංකාවේ වීශාලතම කොරල් පරය කල්පිටියෙන් හමු වී තිබේ..එයට ජීවය ලබා දීමට උත්සාහ කිරීම මේ වන විටත් සිදු වෙමින් පවතී..
මෙහිදී සිදු වන්නේ කෘත්‍රිමව කොරල් වගා කිරීමයි..

කලාඔය පරිසර කලාප සංරක්ෂණ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ මේ සදහා ප්‍රතිපාදන වෙන් කර තිබේ..

2016 වසරේදී "එල්නිනෝ " හෙවත් උණු දිය දහරාවක් මේ ප්‍රදේශය හරහා ගලා යෑම හේතුවෙන් හා නීති විරෝධී ධීවර ක්‍රියාකාරනම් හේතුවෙන්  මේ කොරල් බාධක පරය විනාශ වන්නට විය.

කල්පිටිය උච්චමුණි මුහුදු තීරයේ පිහිටි වර්ගකිලෝමීටර් 305 ක්,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන අතර මෙහි කොරල් විශේෂ 122 ක් හා මත්ස්‍ය විශේෂ 420 කට සංඛ්‍යාවක් හමු වී තිබේ..

කල්පිටිය කොරල් පරය මේ වන 98% වදවී ගොස් හමාරය.
ස්ථීර වූ පොළවක් නොමැතිකම නිසා නැවත කොරල්පර ප්‍රතිෂ්ඨාපනය කිරීමේ බාධකය පැමිණ තිබේ. 
යුද්ධය හේතුවෙන් මිනිසුන් ඒ ප්‍රදේශ වල ජීවත් නොවූ කාලයේ කොරල් පර නැවන යථා තත්වයට පත් වුවද වර්තමානයේ පවතින මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස විනාශයට පත්ව තිබේ.. 

දිනූ 



නිදහසේ..

ඔයා පියාඹන්න නිදහසේ 
ජීවිතේ තරම්ම උස
තුරු වදුළු වලටත් වඩා උඩින්
සදට ඉරට හොරෙන් 
අාදරේ සිත්තම් කරන්
කරුවලම පාටකින් 
පාට පාට හීන මැද්දෙන් 
නොරිදෙන්න අත්තටු 
පරිස්සමට පියඹන්න 
අලුත්ම හුස්මක් 
ලස්සනම බලාපොරොත්තු 
පේන මානයක් වෙනකම් පාවෙන්න..



චානු

හෙළය


ගගණ සරණ මහා වලාකුළු අතර 
තෙරෙක් නොපෙනෙන අහස් ගවු පැතිර 
පියාඹනා රාජාලි වේශයෙන් 
පතුරනා බල ගුවනිදු සරින් 
 කියයි හෙළ අභිමානයන්.. 

 ජාතියේ උදාර වූ හඬ
 නුඹයි සිංහලයා කියාපන් 
 ශක්කියේ ප්‍රතිමූර්තියයි ලොව 
 නුඹයි සිංහලයා කියාපන්.. 


 චානු

තවත් කතා ඕනද?


ජයසූරිය වෙනදා වගේම ඕපන් කරන්න ගියා..
වෙනදා වගේම පටන් ගත්ත වෙලාවේ ඉදලා හයේ හතරේ පාරවල් හැම පැත්තටම ගහන්න ගත්තා..

 ඒ වෙලාවේ ඩේල් ස්ටේන් පන්දු යවමිනුයි උන්නේ. ස්ටේන් එවපු බෝලෙට ජයසූරිය හොඳ පාරක් ගැහුවා.. 
ඒ ගහපු පාරට බෝලේ පොයින්ට් හරහා ගියේ අකුණක් ගැහුවා වාගේ..! 
 අනික් බෝලේ දාන්න කලින් ස්ටේන් මගේ ළගට අැවිත් මෙහෙම කිව්වා.. "මට එයාට පන්දු යවන්න බෑ.. මම දන්නෑ එයාට කොහෙට පන්දුව යවන්න ඕනෙද කියලා.." 

මේ සිද්ධිය වෙනකොට මම කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරන්න පටන් අරන් බොහොම සුළු කාලයක්... 
අැත්තටම කියනවානම් ස්ටේන්ට විතරක් නෙවෙයි මටත් ඒ වෙලාවේ කරන්න දෙයක් හිතා ගන්න බැරිව හිටියෙ..! 

තරුණ වයසේ කි්‍රඩකයක් වුනත් ස්ටේන් ඒ වෙනකොට අපිට හිටපු ප්‍රධාන වේගපන්දු යවන්නා.. මම කණ්ඩායම් නායකයා..

අපි දෙන්නා එකතු වෙලා මොන දේ කළත් එදා ජයසූරියගේ ප්‍රහාරය නවත්ත ගන්න අපිට පුළුවන් වුනේ නෑ..!
 ජයසූරිය කියන්නේ බොහොම සුළු වේලාවකින් මුළු තරඟයම කණපිට ගහන්න පුළුවන් ක්‍රීඩකයෙක්..!

 හිටපු දකුණූ අප්‍රිකා නායක අෑෂ්වෙල් ප්‍රින්ස්..



 

 සචින් k

රැයත් නුඹ,,,?

               රාත්‍රිය.. 

 අන්තිමම හුස්මත් මීදුමේ ගිලෙන තුරු ඉවසපන් උබ....
කණාමැදිරි ඇස් වලට හොරෙන් 
හිමිහින් හොයපූ ප්‍රේමය තමයී අරුමැසිම...
සුවද පමණක් දැනුනූ උබ දන්නවද 
කලුවර තමා හොඳම පෝෂක කොටස 
ප්‍රේමයක් හීනියට ලියන්නට.... 


 (චානු)

අදුර ගත්තද මන්දා...😀

දිනූ

ස්වභාව ධර්මයේ අපූරු සිතුවම



 ගැහැණිය .. 

 ලෝකෙ ලස්සනම ගැහැණියලු..
 ලෝකෙ ලස්සන කරන්නෙත් ගැහැණියලු 
 වැඩියෙන්ම වේදනා විඳින්නෙත් ගැහැණියලු 
 ඒත්
 ලෝකෙ වැඩියෙන්ම බැනුම් අහන අපවාද විඳින කෙනත් ගැහැණියලු 
 පරම පිවිතුරු ප්‍රේමයක් හොයන 
 සල්ලාල පිරිමින්ට ගැහැණිය ද කෙළි බඩුවක්ලු


   [ දිසා ]

Tuesday, January 7, 2020

කොණ්ඩයාගේ කතා වස්තුව

 දූලි වැලි මත
 මැකුණු පා සටහන් අතර
 පරවුන අරලිය මල් යට
 දැවුන සිත් සතන් තුළ 
 දඬුවම කාට වේද,,,?



                                                                                                                               සචින් k

අහිමි ජීවිත

දිස්නා

මරු කැඳවයි..

දිසා

ගන්න කලින් හිතන්න..

ඔබ ඔබ ගැන සිතනවාද ? 😬😬

 එහෙමත් නැත්නම් ඔබ හිතන්නේ අනිත් අය ගැනද?අනිත් අයගේ ප්‍රශ්නවලට දාර්ශනික උත්තර හොයන අපි ඇයි අපේ ප්‍රශ්නවලදි ගොළුවෙන්නේ? ඇයි අපි ජිවිතෙන් පැනලා යන්න හදන්නේ..? ⁣
ආයෙමත් ජිවිතේ පස්සට හැරිලා බලන්න..
අපි ප්‍රශ්නවලදි ගත්තේ හරිම තීරණය ද? නැත්නම් කලබලේට ඉක්මන් වෙලා ගත්ත තීරණයක් නිසා ජීවිතය විඳවනවද කියලා.හිතලම බලන්න..ගන්න තීරණ දාහක් තියෙද්දි ගත්ත එක තීරණයක් නිසා අපි ජීවිතය කොයිතරම් විඳිනවද?විඳවනව ද? කියලා..

 ඉතින් ඉක්මන් වෙලා තිරණ ගන්න කලින් එක වතාවට සියවතාවක් හිතන්න..



[ දිසා ]

නෙලා ගන්නට බැරිව



දිනූ

පොත පෙරලන්න



 දිසා

තීරණය ඔබ සතුයි

හොඳම දේ දරුවන්ටයි"
                                    පවසන ලෝක සමාජය තුළ වර්තමානය වන විට දරුවන්ට ලැබෙන්නේ හොඳම දේ දැයි අවිනිශ්චිතය. මන්දයත් ළමා හිමිකම් ප්‍රඥප්ති,විශ්ව ප්‍රකාශන ගොන්නකින් ළමයාගේ ආරක්ෂාව හා අයිතින් ලේඛනගත කෙර තිබුණද,එහි ප්‍රායෝගිකත්වය කෙතරම් දුර්වල මට්ටමක පවතින්නේද යන්න මෑත කාලයේදී සිදුවූ සිදුවීම් තුළින් මනාව පසක් කොට දී ඇත. ඉන්දියාවේ සුජිත්ටද,ශ්‍රී ලංකාවේ සේයා දැරියටද,නිකවැරටියේ දැරියටද මෙකි ආරක්ෂාව ලැබුණේද ?නැත. ආරක්ෂාව ලැබුණේ ලැබිය යුතු තැනටද? එසේද නොවේ. දුප්පත්කම කරපින්නාගත් ආසියාතික රටවල දරුවන්ගේ අයිතිය ආරක්ෂා වන්නේ අවම වශයෙනි. ඔවුන් දරුවන් කෙරෙහි දක්වන අවධානය ද අවමය.සත්‍ය නම් ඔවුන් තුළ දරුවන් කෙරෙහි ඇති ස්නේහනයේ අඩුවක් නොව දරුවන් ආදරයෙන් රැකබලාගැනීමට ඔවුන් සතුව වත්කමක් නොතිබිමයි. ඉතින් අප කළ යුත්තේ කුමක්ද ? දරුවන්ගේ අයිතින් විශ්ව ප්‍රකාශනයකට පමණක් සීමා කළ යුතුද ? නැතහොත් එය ප්‍රායෝගිකව ඉටුකළ යුතු ද? 
           
 තීරණය ඔබ සතුය..


 [ දිසා..]

පොපියෙන යෞවනය

දීපි

සහෝ... 😢






සචින් k

කලාවක් 💃💃

කලාව
හුදෙක් හුදකලාවක් වු පසු
සිතට දැනෙන සිතුවිලි
අකුරු කරන්නට මඟක් සොයමි මම
බලා හිදිමි දෑස් දල්වා නිරවුල් මනසකින්
යළිදු ලෝකයේ සැරිසරන්නට...


දිසා

ඔබේ අදහස




සචින් k

යදිනෙමු


















    සචින් k

කපුගල මව්නී..



           දිනූ














හිතවත් වූ හිත


ශාමි මධුශානි