Wednesday, January 8, 2020

විශාලතම කොරල් පරයට ජීවය දීම

ශ්‍රි ලංකාවේ විශාලතම කොරල් පරයට ජීවය ලබා දීම..


ශ්‍රි ලංකාවේ වීශාලතම කොරල් පරය කල්පිටියෙන් හමු වී තිබේ..එයට ජීවය ලබා දීමට උත්සාහ කිරීම මේ වන විටත් සිදු වෙමින් පවතී..
මෙහිදී සිදු වන්නේ කෘත්‍රිමව කොරල් වගා කිරීමයි..

කලාඔය පරිසර කලාප සංරක්ෂණ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ මේ සදහා ප්‍රතිපාදන වෙන් කර තිබේ..

2016 වසරේදී "එල්නිනෝ " හෙවත් උණු දිය දහරාවක් මේ ප්‍රදේශය හරහා ගලා යෑම හේතුවෙන් හා නීති විරෝධී ධීවර ක්‍රියාකාරනම් හේතුවෙන්  මේ කොරල් බාධක පරය විනාශ වන්නට විය.

කල්පිටිය උච්චමුණි මුහුදු තීරයේ පිහිටි වර්ගකිලෝමීටර් 305 ක්,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන අතර මෙහි කොරල් විශේෂ 122 ක් හා මත්ස්‍ය විශේෂ 420 කට සංඛ්‍යාවක් හමු වී තිබේ..

කල්පිටිය කොරල් පරය මේ වන 98% වදවී ගොස් හමාරය.
ස්ථීර වූ පොළවක් නොමැතිකම නිසා නැවත කොරල්පර ප්‍රතිෂ්ඨාපනය කිරීමේ බාධකය පැමිණ තිබේ. 
යුද්ධය හේතුවෙන් මිනිසුන් ඒ ප්‍රදේශ වල ජීවත් නොවූ කාලයේ කොරල් පර නැවන යථා තත්වයට පත් වුවද වර්තමානයේ පවතින මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස විනාශයට පත්ව තිබේ.. 

දිනූ 



1 comment: