උතුරේ හා දකුණේ සාමයේ සංකේතයයි. සිංහල,මුස්ලිම්,බෞද්ධ,කතෝලික සියලු දෙනාම මඩු මාතාවගේ සෙනෙහස ලබන්නේ එකටය. මඩු වන්දනාව සර්ව අාගමික වන්දනාවකි.
2001 වසරේ රටට තිර සාමය උදා වන්නැයි කියා මඩු පිළිරුව දකුණු පළාතට වැඩමවීය. මඩු වන්දනාවට පෙර ජනයා සිරිත් විරිත් බොහොමයක් ඉටු කරයි. ඒ අතර තම දේවස්ථානයට ගොස් භාර වී ඉටි පහන් දල්වා අමනාපකම් නැති කර ගනිමින් වන්දනාවට සූදානම් වෙයි. මඩු වන්දනාවේ ප්‍රබල යෙදුම ජප මාලයයි.. මේ වන්දනා ගමන දේව ජනතාවට විපුලඵල ලබා දෙන ධර්ම විවේකී සමයකි.මෙහිදී මරියෝත්තමාවන්ගේ යැදුම් පිහිට හා මධ්‍යස්ථය ඉතා ප්‍රබල ලෙස වන්දනාකරුවෝ දකී..
මෙහි වන්දනා සමය පටන් ගන්නේ මරියෝත්තමාවන්ගේ ස්වර්ගරෝපිත හෙවත් අහස් නැඟීමේ මංගල්‍ය මුල් කඒ ගනිමිනි..
දිනූ

No comments:
Post a Comment