ටයිටැනික් නෞකාවේ ගමන්ගත් මගියෙකු වූ ඇමෙරිකානු ව්යාපාරික ඔස්කාර් හොල්වර්සන් විසින් ලියන ලද ලියුම ඇමෙරිකානු ඩොලර් එක්ලක්ෂ හැටහය දහසකට අලෙවි විය.
ඔස්කාර් හොල්වර්සන් සහ ඔහුගේ බිරිඳ වූ මේරි ටයිටැනික් නෞකාවේ මගියන් වුයේ සවුතැම්ටන් සිට නිව්යෝර්ක් බලා යන ගමනේදී ය.එහිදි ඔහු විසින් සිය මවට ලියන ලද ලිපිය අත්ලාන්තික් සයුරට ගොස් බේරුණු ටයිටැනික් ශීර්ෂය සහිත සටහන් පොතක ලියන ලද එකම ලියුම වේ.
මෙම ලිපිය තුළ ඔස්කාර් නෞකාව ,වටපිටාව සහ එහි ගමන්ගත් ඇතැම් පුද්ගලයන් පිළිබඳ සටහන් ද මෙහි අන්තර්ගතය.එහෙත් ඔහු සිය අනාගතය පිළිබඳව පැවසූ කරුණු කිසිදා සැබෑවක් නොවීය.ඒ "හැමදේම හොඳින් සිදුවුනොත් බදාදා උදේ වෙනකොට අපි නිව්යෝර්ක් වෙත ළඟාවේවි." යනුවෙනි .
මගීන් එක්දහස් පන්සියයකට අධික පිරිසක් සමඟ මුහුදුබත් වූ ටයිටැනික් නෞකාව තුළ සිටි හොල්වර්සන් මුහුදට බිළි වුවද,ඔහුගේ බිරිඳ මේරි දිවි බේරාගැනීමට සමත්විය . පසුව ඇයගේ ස්වාමියාගේ මෘතදේහය සොයාගත් අතර ,ඔහුගේ සාක්කුවක තිබු සටහන් පොතක තිබී මෙම ලිපිය හමුවිය .අවසානයේ දී සිය පුතුගේ ලියුම මව වෙත ලැබීමට සැලැස්වීය.
දිසා

😢😢😢
ReplyDeleteජිවිතය බලාපොරොත්තු සහ කඩවීම් මැදින් ඉස්සරහට යන
ReplyDelete👍👍👍👍
ReplyDelete