Tuesday, January 7, 2020

තීරණය ඔබ සතුයි

හොඳම දේ දරුවන්ටයි"
                                    පවසන ලෝක සමාජය තුළ වර්තමානය වන විට දරුවන්ට ලැබෙන්නේ හොඳම දේ දැයි අවිනිශ්චිතය. මන්දයත් ළමා හිමිකම් ප්‍රඥප්ති,විශ්ව ප්‍රකාශන ගොන්නකින් ළමයාගේ ආරක්ෂාව හා අයිතින් ලේඛනගත කෙර තිබුණද,එහි ප්‍රායෝගිකත්වය කෙතරම් දුර්වල මට්ටමක පවතින්නේද යන්න මෑත කාලයේදී සිදුවූ සිදුවීම් තුළින් මනාව පසක් කොට දී ඇත. ඉන්දියාවේ සුජිත්ටද,ශ්‍රී ලංකාවේ සේයා දැරියටද,නිකවැරටියේ දැරියටද මෙකි ආරක්ෂාව ලැබුණේද ?නැත. ආරක්ෂාව ලැබුණේ ලැබිය යුතු තැනටද? එසේද නොවේ. දුප්පත්කම කරපින්නාගත් ආසියාතික රටවල දරුවන්ගේ අයිතිය ආරක්ෂා වන්නේ අවම වශයෙනි. ඔවුන් දරුවන් කෙරෙහි දක්වන අවධානය ද අවමය.සත්‍ය නම් ඔවුන් තුළ දරුවන් කෙරෙහි ඇති ස්නේහනයේ අඩුවක් නොව දරුවන් ආදරයෙන් රැකබලාගැනීමට ඔවුන් සතුව වත්කමක් නොතිබිමයි. ඉතින් අප කළ යුත්තේ කුමක්ද ? දරුවන්ගේ අයිතින් විශ්ව ප්‍රකාශනයකට පමණක් සීමා කළ යුතුද ? නැතහොත් එය ප්‍රායෝගිකව ඉටුකළ යුතු ද? 
           
 තීරණය ඔබ සතුය..


 [ දිසා..]

3 comments: