පුද්ගලයන් අතර ශාරීරික සබඳතා අන්තර් පුද්ගල සන්නිවේදනයේ දී අත්‍යාවශ්‍ය වෙයි. එය අන්තර් ක්‍රියාව හා අභ්‍යන්තර විශ්වාසය සමග සම්බන්ධව ගොඩ නැගෙන්නකි. සමාජීය ජාල භාවිතයේ දී පුද්ගලාන්තර සන්නිවේදනයේ ලක්ෂණ විද්‍යාමාන වේ. සමාජීය ජාල භාවිතය පවුල කේන්ද්‍ර කරගත් පුද්ගලාන්තර සන්නිවේදනය අවශ්‍යතා සමග සසඳා බැලීම මෙම නව මාධ්‍යයේ මූලික ස්වරූපය අවබෝධ කර ගැනීමේදී වැදගත් වේ. සමාජීය ජාල මගින් පවුල තුළම පුද්ගලයා හුදකලා කර තිබේ.පවුලේ අන්තර් සබදතා දුරස්ථ කෙරේ.
කාලය පිළිබද විශ්ව නිර්ණායක වෙනස් වීමට භාජනය වී තිබේ. ඒක මාර්ගික සන්නිවේදනය අන්තර් ක්‍රියාකාරීත්වය සහ සහභාගීත්ව සන්නිවේදනය දක්වා පුලුල් වී තිබේ. මෙහි පැහැදිලිවම හදුනා ගත හැකි සධකයක් වන්නේ පැරණි සනනිවේදන රටාවට වඩා සක්‍රීය ලෙස ප්‍රජාව නව මාධ්‍ය ඔස්සේ ගොඩ නැගුණු සමාජ ජාල මාධ්‍ය පරිහරණයට යොමු වී ඇති බවය. සමාජීය ජාල තුළ ශ්‍රව්‍ය, ලිඛිත මාධ්‍ය වෙන් වෙන්ව පරිහරණයට තිබේ. පවුලේ අන්තර් සබඳතා දුරස්ථ කෙරේ.
කාලය පිළිබද විශ්ව නිර්ණායක වෙනස් වීමට භාජනය වී තිබේ. ඒක මාර්ගික සන්නිවේදනය අන්තර් ක්‍රියාකාරීත්වය සහ සහභාගීත්ව සන්නිවේදනය දක්වා පුලුල් වී තිබේ. මෙහි පැහැදිලිවම හදුනා ගත හැකි සාධකයක් වන්නේ පැරණි සන්නිවේදන රටාවට වඩා සක්‍රීය ලෙස ප්‍රජාව නව මාධ්‍ය ඔස්සේ ගොඩ නැගුණු සමාජ ජාල මාධ්‍ය පරිහරණයට යොමු වී ඇති බවයි. සමාජීය ජාල තුළ ශ්‍රව්‍ය ලිඛිත මාධ්‍ය වෙන් වෙන්ව පරිහරණයට ගැනීමක් නොව ඒකාබද්ධ භාවිතයක් හදුනා ගත හැකිය. පරිගණක සංඛ්‍යාත භාවිතය පුලුල් වීම සදහා ද සමාජීය ජාල උපකාරී වී තිබේ. මෙම ජාල භාවිතය නිසාම නව මාධ්‍ය හැකියා වර්ධනය වී තිබේ.
ශාමි මධුශානි
👍
ReplyDelete👍👍
ReplyDelete